අද (08) පෙරවරුවේ ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ කන්ද තරණය කරමින් සිටි 20දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.

කෙසේවෙතත් එහිදී තිදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ 15දෙනෙකු සහන සේවකයින් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇත.

කඳු තරණය කළ පිරිස අතර සිංගප්පූරු ජාතිකයින් 09දෙනෙකු ද වූ බව වාර්තා වේ.

ගිනිකන්ද සක්‍රිය වීම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකමින් ඔවුන් මෙලෙස කඳු තරණය කිරීමට එක්ව ඇති බව බලධාරීන් සඳහන් කර තිබේ.

කඳු තරණය කරන්නන් හා සංචාරකයින් අතර ප්‍රචලිත ‘ඩුකෝනෝ ගිනි කන්ද‘ ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙස සැලකේ.

Share.
Leave A Reply

Exit mobile version