දකුණු තුර්කියේ සන්නද්ධ තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයන් හයදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තුර්කියේ ‘හුරියේට්’ (Hurriyet) පුවත්පත සහ ‘අනඩොලු’ (Anadolu) පුවත් ඒජන්සියට අනුව, මර්සින් ප්‍රාන්තයේ තර්සස් දිස්ත්‍රික්කයේ සඳුදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

වාර්තාවලට අනුව, සැකකරු ප්‍රථමයෙන් ඔහුගේ දික්කසාද වූ බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව ඔහු මෝටර් රථයකින් ආපනශාලාවක් වෙත ගොස් එහි අයිතිකරු සහ සේවකයෙකු ද ඝාතනය කර තිබෙනවා.

ඉන් අනතුරුව අසල සිටි තවත් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව සඳහන්.

තුවක්කුකරු පසුව එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකරුගේ අනන්‍යතාවය සහ මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් ක්ෂණිකව අනාවරණය වී නොමැත.

-BBC-

Share.
Leave A Reply

Exit mobile version