දැන් මට සිද්ද වෙලා තියෙන්නේ , සෙල්ෆියක් ගහන්න කලිනුත් පොලිස් වාර්තාවක් ඉල්ලන්න.
එතරම් අවධානයෙන් ඉන්නේ සමහර ඇමතිවරු. හීනෙන් පේන්නෙත් මං. මගේ පණ නාමල් කියලත් save කරන් ඉන්නවලු.
අද ඒ තැනට පක්ෂයක් විදිහට අපි ගොඩ නැගිලා තියෙනවා.
අද අපි දකිනවා රාජ්‍ය පාලනය තුළ වර්තමාන ආණ්ඩුවට අවංක චේතනාවක් වුවමනාවක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා, මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.
අද ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි කාලයක් දැන් ගතවෙලා තියෙනවා.
තමන්ගේ හෘද සාක්ෂියට අනුව අවංකව අතිගරු ජනාධිපතිතුමා ඇතුළු එකසිය හැට දෙනා තම රටට පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කරනවාද නැද්ද ? කියන ප්‍රශ්නය තමන් විසින්ම අහන්න ඕන කියලා මං විශ්වාස කරනවා.
.එදා අපි කරපු සංවර්ධනයට වෛරයක් හැදෙව්වා. මාර්ග හදනකොට අධිවේගී මාර්ගය හදනකොට ඒ අධිවේගී මාර්ගය රත්තරන් වලින්ද හදන්නේ කියලා ඇහුවා.
බල්ලො බළල්ලුන්ට අධිවේගී මාර්ග නිසා එහා ගමෙන් මෙහා ගමට එන්න වෙන්නෑ කියලා කිව්වා.
IMF එකට නැවත ආවොත් පයින් ගහලා එලවනවා කියලා කිව්වා.
අසීමිත බදු බර ජනතාව නිදහස් කරනවා,
පෙට්‍රල් ලීටරයකින් ඇමැතිවරයා පගාව ගන්නවා,
බදු වලින් අඩු කරලා සහන දෙන්න පුළුවන් ආණ්ඩුවක් හදනවා කියලා බලයට ආපු ජේ වී පී එක අද ඒ සියල්ල අමතක කරලා මේ රටට නොගැළපෙන සංස්කෘතික ප්‍රතිපත්තීන් ගේනවා.
අපේ හාමුදුරුවනේ රටට ගැළපෙනවාද නැද්ද කියලවත් බලන්නේ නැතුව,
තමන්ගේ ඡන්දෙ වෙන්න බලයට ගේන්න ජාත්‍යන්තර වශයෙන් තමන් මෙහෙයවූ සමහර සංවිධාන සතුටු කරවන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා මිසක්, මේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැති බවක් තමයි අපට බැලූ බැල්මට පෙනෙන බැලූ බැල්මට පෙනෙන්න තියෙන්නේ.
අද 26 නයිවල සණස ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායක පත්වීම් ලිපි ලබාදීමේ අවස්තාවට සම්බන්ද වෙනමින් පාර්ලිමේතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර සිටියා
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, ගම්පහ දිස්ත්‍රික් නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී වීරසිංහ, යූ. කේ සුමිත්, ලලිත් වර්ණ කුමාර යන මහත්වරුන් සහභාගී වූවා


