දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද, අත්අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බවයි පැවසෙන්නේ.

එසේම, එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් 05 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version