දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති කරුවන් ගොනු කල මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොඩ් නිහාල් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා
නඩුව මීට පෙර කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ගොනු කර තිබෙනඅධි චෝදනා පත්‍ර පවරා පවත්වාගෙන යෑමට නොහැකි බැවින් එම චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලාවිත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් හා අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු මතු කළා
විත්තිය ඉදිරිපත් කළ එම මූලික විරෝධතා සම්බන්ධවඅද දින තීන්දුව ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයාඅදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කරමින් නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහාදෙසැම්බර් 16 වැනිදා කැඳවීමටදින නියම කළා
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මාස 19 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අර මුදල් වලින් පුවත්පත් 11 අතිරේක පළ කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ දාහතකට අධික මුදලක් පාඩු කිරීම මගින් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම අධි චෝදනා පහක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා

Share.
Leave A Reply

Exit mobile version