ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් කිහිප දෙනෙකු-, ඔවුන් විසින් ගෙවිය යුතු ගෙවීම් නිසි පරිදි ගෙවීම පැහැර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පවසා තිබේ.
මෙසේ ගෙවීම් පැහැර හැර තිබෙන නියෝජිතයන් අතර දේශපාලන සම්බන්ධතා මත ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූර ලබා ගත් අය සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඒ අනුව, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශය මත දිස්ත්‍රික් අලෙවි නියෝජිත දූරයක් ලබා ගෙන තිබෙන ලකීෂා තරංගිකා රාජපක්ෂ යන අය, රුපියල් මිලියන 9.8 ක මුදලක් ගෙවීම පැහැර හැර තිබේ.
ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ බිරිද වන දිසානායක මුදියන්සේලාගේ ගීතා නන්දනී යන අය රුපියල් මිලියන 2.1 ක මුදලක් ගෙවීම පැහැර හැර තිබේ.


