එළැඹෙන නොවැම්බර් මස 14 වැනිදා ඇරැඹීමට නියමිත අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ සිට සක්‍රිය වන 2025/26 පළමු පෙළ දේශීය රග්බි තරගවාරයේදී ක්‍රීඩා සමාජවලට එක් විදෙස් ක්‍රීඩකයකු බැගින් සිය කණ්ඩායම් සඳහා එක් කර ගැනීමට හැකි බව නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය.
එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් සම්බන්ධ කරගත හැකි බවට මින් පෙර රග්බි විධායක කමිටුව විසින් දැනුම් දී තිබූ නමුත්, පළමු පෙළ ක්‍රීඩා සමාජ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සිය අයවැය සම්බන්ධව සහ තරගවාරය ආරම්භ වීමට ඇති සීමිත කාලසීමාව පිළිබඳව ක්‍රීඩා සමාජ වෙතින් සිදු කළ කරුණු දැක්වීම මේ සඳහා හේතු වී තිබේ.
කෙසේ වෙතත් 2026/27 තරගවාරයේ සිට ක්‍රීඩකයන් දෙදෙනකු සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව අදාළ නිවේදනයේ දැක්වේ. දේශීය රග්බි පිටියේ තරගකාරීත්වය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම, අනුග්‍රාහකයන් ආකර්ෂණය කර ගැනීම සහ දේශීය රග්බි ක්‍රීඩාව සඳහා නැවත ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගැනීම මෙම පියවර ඔස්සේ අරමුණු කෙරේ.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaRugby #RugbyLeague #November14 #InternationalPlayers #LocalRugby #RugbyCompetition #SportsAnnouncement #RugbyCommunity #PlayerDevelopment #RugbyGrowth


