පාර්ලිමේන්තුවේ අද සිටින අයගෙන් පාර්ලිමේන්තුව ගිනිතියන්න කියා ප්‍රකාශ කළ අය සහ 71 කැරැල්ලේ, 1983 භීෂණයේ සිටිය පිරිස් අද මැති ඇමතිවරු වී සිටින බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,
“ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නැහැ කියලා. ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි දෙක එකට යන්නේ. 1971 දොරෙයිඅප්පා ඝාතනයෙන් මහජන ආරක්ෂාව නැති වුණු නිසා තමයි ජාතික ආරක්ෂාව රටේ නැති වුණේ. එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය බිහිවුණෙත් ඔය ආකාරයෙන් මහජන ආරක්ෂාව නැතිවී ජාතික ආරක්ෂාවට පීඩණයක් පැමිණීම නිසා. එය තමයි පළවෙනි දේ රටක ජාතික ආරක්ෂාවට බලපාන එක. මහජන ආරක්ෂාව පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය වුණා. ඒ ඝාතනයට පෙර වැලිගම සිද්ධීන් කිහිපයක් සිදුවුණා. පළමු සිදුවීම ලෙස ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු පැහැර ගැනීම. මේ පැහැරගත් පිරිස සම්බන්ධයෙන් කළ පරීක්ෂණය මෙතෙක් එළිදක්වා නැහැ. මේ පරීක්ෂණයේදී කවුද පැහැරගත්තේ කියන එක අපිට, රටට ප්‍රකාශ කළේ නැහැ. දෙවෙනිවතාවට NPP මන්ත්‍රීවරයෙක්ගේ නිවසට වෙඩි තැබුවේ කවුද යන්න සඳහන් කළේ නැහැ. එයින් ඉතාමත්ම පැහැදිලි මෙයට රජය සම්බන්ධ වී මේ සිදුවීම් දෙකම ඇතිකළා කියලා. මේ තුන්වෙනි සිදුවීම සභාපති ඝාතනය. සභාපති ඝාතනය කොයි ආකාරයට සිදු වුණත් සභාපති ඝාතනය කරලා පැයක් ඇතුලත පාර්ලිමේන්තුවට පැමිණලා වෙනත් කතා සඳහන් කරන්න කටයුතු කරනවානම් එය රටේ ඇමතිවරයෙක්ගේ කාර්යභාර්ය නොවේ. මීට පෙර රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඇමතිවරු, පොලිස් ඇමතිවරු සිටියා. නමුත් මේ කිසිදු කෙනෙක් ඒ වගේ වගකීමක් නැති ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා මෙය ඉතාම බරපතල ප්‍රශ්නයක්.
ඒ වගේම කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා පිළිබඳව පොලිස්පතිවරයා කරන ලද ප්‍රකාශය අපි තරයේම හෙළා දකිනවා. පොලිස්පතිවරයාට එවැනි ප්‍රකාශයක් කරන්න බැහැ. පොලිස්පතිවරයා නිලධාරීයෙක්. ඔහු රටේ ආරක්ෂාව පිළිබඳ, පුද්ගල ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියෙක්. ඔහුට එහෙම කිසිදු කෙනෙක්ට සහතික දෙන්න බැහැ. එයින් පෙනි යන්නේ ඔහු දේශපාලන හස්තයක් වගේ ක්‍රියාකරන ආකාරය. මේ පිළිබඳව අපි කණගාටුවෙනවා. එසේනම් මේ පාර්ලිමේන්තුවට අද තේරීපත් වී සිටින උදවියගෙන් මේ පාර්ලිමේන්තුව ගිනිතියන්න කියලා ප්‍රකාශ කරපු උදවිය සිටිනවා. ඒ වගේම 71 කැරැල්ලේ, 1983 භීෂණයේ සිටිය පිරිස් සිටිනවා. ඒ වගේම එහි චෝදනා තිබුණු පිරිස් සිටිනවා. හැබැයි ඒ පිරිස අද මැති ඇමතිවරු වි තිබෙනවා. නමුත් මොවුන් මැති ඇමතිවරු වී ඒ තත්වය අද වෙනස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට පැමිණ තිබෙනවා. ඒ වගේම එතුමා සඳහන් කරන ප්‍රකාශය තුළ තිබෙනවා පාර්ලිමේන්තු ජාතික දේශපාලනයට එන්නත් උත්සහ කරන පිරිස සිටිනවා කියලා. උත්සහ කරන නොවේ මේ ජාතික දේශපාලනයේ මේ පිරිස දැනට ක්‍රියාකරනවා. සමහර පිරිස් අරගලය අවස්ථාවේ පාර්ලිමේන්තුව ගිනිතියන්න කිව්වා. ඒ අය පිළිබඳව පරීක්ෂණය තියන්න තිබුණා? එහෙම පරීක්ෂණ නොතියා මෙය සම්පූර්ණයෙන් දේශපාලන හස්ත වගේ ක්‍රියාකිරීම අපි හෙළා දකිනවා. මහජන ආරක්ෂාව හරියාකාරව තිබුණොත් ජාතික ආරක්ෂාවක් ඇතිවෙන්නේ. ඒ නිසා මහජන ආරක්ෂාව හරියාකාරව දෙන්න ආණ්ඩුව ක්‍රියාකරන්න ඕන.

මේ රටේ ඇතිවී තිබෙන තත්වයන් උඩ ඉතාම භයානක තත්වයක් තිබෙනවා, පුද්ලයන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එය රජය පැත්තෙන් මර්ධනය කරනවාද? නැතිනම් මේ රජයට සම්බන්ධ කණ්ඩායම් මර්ධනය කරනවාද කියන එක පිළිබඳ ගැටලු තිබෙනවා. ඒ නිසා අපි කියා සිටිනවා මහජන නියෝජිතයින්ට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්. වැලිගම සභාපතිවරයා ලිපියකින් ලියා තිබෙනවා ඔහුගේ ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තිබෙනවා කියලා. යම්කෙනෙකුගේ අතීතය හෝ වර්තමානය හෝ ක්‍රියාදාමයන් පිළිබඳව ඔහුට අධිකරණමය ක්‍රියාමාර්ග ක්‍රියාකරන්න යම් වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ නීතිය නැතිව ක්‍රියාකිරීම ඉතාම කණගාටුදායක කාරණයක්.
ඒ වගේම මේ ආණ්ඩුව ක්‍රියාකරගෙන යන ආකාරය තුළ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව සමහර කෙටි කාරණාවලට හිරවී රටේ තිබෙන සංවර්ධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවලට ආණ්ඩුවට යන්න බැරි තත්වයකට පත්වී තිබෙනවා. අද ආර්ථික වර්ධන වේගය ඉතාමත් අඩු ප්‍රමාණයකට ඇවිත් තිබෙනවා වගේම ඩොලර් බිලියන 7.2 සංචිතයක් ඇතිකරන්න පුළුවන් තත්වයක් අපිට පේන්න නැහැ. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උඩ සිට පහළට මුදල් මිනිස්සු අතරට යන්නේ නැහැ. ඒ නිසා අද ආර්ථික වශයෙන් රට අර්බුදයකට පත්වෙමින් පවතිනවා. ආණ්ඩුවට සැලැස්මක් නැහැ. ආණ්ඩුව ඉදිරියට යන්න නම් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. කිසිදු ආයෝජනයක් මේ රටේ ඉදිරියට එන බවක් පේන්න නැහැ. ඒ වගේම ආණ්ඩුව මිනිස්සුන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරනවා. මේ වගේ ක්‍රියාදාමයන් ඉදිරියට සිදුවුණොත් විශාල වශයෙන් ප්‍රශ්න රාශියක් මේ රටේ ඇතිවිය හැකි.
ඒ වගේම දකුණ කලු කරන්නත් උතුර සුදු කරන්නත් ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. දකුණ කලු කරනවා කියන්නේ මේ පාතාලයේ, කුඩු, අයිස් මේ ඔක්කෝම දකුණ කියලා දකුණ පැත්තට දමනවා, හැබැයි මේ සෑම එකක්ම උතුරෙන් ගිහින් තිබෙන්නේ. නමුත් උතුර ගැන කතා කරන්නේ නැහැ, දකුණ සම්පූර්ණයෙන්ම කලු කරන්න ආරම්භ කර තිබෙනවා. මඩ ගහන්න වුවමනාව වුණාම, රාජපක්ෂවරුන්ට මඩගහන්න වුවමනාම වුණාම ඒ සියල්ල එක්තැනකට ගොනු කරන්න පටන් අරගෙන තිබෙනවා. දැන් ඩයස්පෝරාවේ වුවමනාවට උතුර බොහෝම ප්‍රවේසම් කරනවා. බොහෝ දේවල් එන්නේ උතුරෙන්. ඒවා බොහෝම සාමකාමීව තියලා දකුණට මේවා තල්ලු කරන්න හදනවා. ඒ නිසා රජය මේ තත්වයට ගේන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඩයස්පෝරාව සතුටු කරන්න මේ කටයුත්ත කළාට මේ රටේ මහජනතාවට බලරපතල ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන්. පළමුදේ ආරක්ෂාව. ඒ ආරක්ෂාව සැමට යහපත් විදිහට මේ ආරක්ෂාව සපයන්නත්, භේදයක් නැතිව පළාත්වලට මේ ආරක්ෂාව සැපයීම සඳහා රජය ක්‍රියා කළයුතුයි. ඒ නිසා මේ සඳහා රජය ක්‍රියාකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Share.
Leave A Reply

Exit mobile version