චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන එක්ස්පෙන්ග් (XPENG) ආයතනය 2027 වසරේදී පියාඹන මෝටර් රථ සහ මානවරූපි රොබෝ යන්ත්‍ර මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බව එම සමාගම පවසනවා.

මේ වන විටත් පියාඹන මෝටර් රථ 7000කට පමණ ඇනවුම් ලැබී ඇති බවත් මේ සඳහා චීනයේ ගුවන් බලධාරීන්ගෙන් අවසර ගනිමින් සිටින බවයි වර්තා වන්නේ.

එක්ස්පෙන්ග් සමාගම විසින් රොබෝටැක්සි පරීක්ෂා කිරීම ආරම්භ කරමින් එළැඹෙන මාස 12ත් 18ත් අතර කාලය තුළ රොබෝටැක්සි දහස් ගණනින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බව සඳහන් කරනවා.

එසේම ජපානයේ දෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන HONDA සමාගම තම මෝටර් රථ දකුණු කොරියාව තුළ අලෙවි කිරීම මෙම වසරින් පසු අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

HONDA සමාගමට ප්‍රතිවාදී සමාගම්වලින් එල්ල වන දැඩි තරගය මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම පසුගිය වසර පහ තුළHONDA සමාගමේ මෝටර් රථ අලෙවිය චීනය තුළ 60%කින් අඩු වී ඇති අතර තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව තුළද එම ඇණවුම් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version