උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඇෆ්ගනිස්තානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමග දුරකථන සාකච්ඡාවක් සිදුකර තිබේ.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා භු කම්පනයෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයට ශෝකය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාව දැනටමත් පීඩාවට පත් ඇෆ්ගන් ප්‍රජාවන්ට සහන ද්‍රව්‍ය යොමු කර ඇති බවය.

තවත් ඖෂධ සැපයුම් ප්‍රමාණයක් කඩිනමින් ඇෆ්ගනිස්තානය වෙත යොමු කරන බවද ඔහු තහවුරු කර ඇත.

ඇෆ්ගනිස්තානයේ මසාර්-ඊ ෂරීෆ් නගරය අසල කිලෝමීටර් 28ක් ගැඹුරින් සිදුවූ 6.3ක ප්‍රබල කම්පනය බෝල්ක්, සමන්ගන් සහ බග්ලාන් පළාත්වලට බලපෑවේය.

ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කළේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලබන්නට ඇති බවය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ද ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ලබාදෙන සහන පිළිබඳව අදහස් පළ කරමින් ඇෆ්ගන් ජනතාවට සිය සහයෝගය නැවත තහවුරු කරමින්, ඉන්දියාව භූමිකම්පාවෙන් පීඩාවට පත් පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය ලබාදෙන බව පැවසීය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ඇෆ්ගනිස්තානය #භූමිකම්පාව #ඉන්දියාව #ජීවිතය #සහන #අමාත්‍ය #ජාතිකසමීපතාව #අපේක්ෂාව #සමාජය #සහයෝගය

Share.
Leave A Reply

Exit mobile version