පොලිස්පති ප්රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස විපක්ෂය විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විපක්ෂය විසින් කථානායක ජගත් වික්රමරත්නගෙන් මෙම ඉල්ලීම ලිඛිතව සිදු කර ඇති බවයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.
මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට පොලිස්පතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙසයි විපක්ෂය වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.


