බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම නියම කර තිඛෙනවා.

වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබා දීම වැනි වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බංග්ලාදේශය #ෂෙයික්හසීනා #ජාත්‍යන්තරඅපරාධ #මරණදඬුවම #සිවිල්වැසියන් #ඩ්‍රෝන #හෙලිකොප්ටර් #මර්දනකාරීපියවර #2024විරෝධතා #අපරාධය

Share.
Leave A Reply

Exit mobile version