බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි ඉදිරිපත් කරමින් මොවුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අමාත්‍යවරයා සහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ විමර්ශන කටයුතු සාධාරණව සිදුවීමට නම් තමන් එම තනතුරුවලින් බැහැරව සිටීම අත්‍යවශ්‍ය බවයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත්තේ 2009 වසරේ සිට සිදුවූ ගල් අඟුරු ආනයන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව, විමර්ශනයට කිසිදු බාධාවක් නොවනු පිණිස තමා අද සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
එමෙන්ම, ලේකම්වරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත පරීක්ෂණවල ස්වාධීනත්වය තහවුරු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බව තීරණය කළ බවයි.

