මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය අද (05) ප.ව. 3.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ එකඟතාව හිමිව තිබෙනවා.

මේ පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට විපක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, එහිදී මුලින් එකඟතාව පළ වුණේ පැය දෙකක විවාදයක් පැවැත්වීමටයි.

කෙසේ වෙතත්, පසුව පැය එකහමාරක කාලයක් පැවැත්වීමටයි එකඟතාව පළ වුණේ.

Share.
Leave A Reply

Exit mobile version