යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් යුක්‍රේනය, රුසියාව සහ ඇමෙරිකාව අතර ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
යුක්‍රේන හා ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් ඊයේ(22) ඩාවෝස් හිදී පැවති අතර එහි තීරණ දැනුම් දීමට ඇමෙරිකා නියෝජිතයින් පුටින් ජනාධිපතිවරයා අද(23) මුණගැසුණා.
එම සාකච්ඡා අතිශය සාර්ථක බවයි වාර්තා වන්නේ.
එබැවින් රුසියාව යුක්‍රේනය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළකර ඇති අතර එහි මැදිහත්කරුවන් ලෙස ඇමෙරිකාව කටයුතු කරනවා.
ඇමෙරිකාවේ ආරක්ෂක සහතිකයක් යටතේ යුක්‍රේනය මෙම සාකච්ඡා සඳහා සහභාගී වනවා.

