රටට විහිළු සපයන්නන්ට බලය ලබාදීමට ජනතාව සූදානම් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.

ඒ අනුව, රටේ ජනතාව යළිත් විපක්ෂයට බලය ලබා නොදෙනු ඇති බවට දැඩි විශ්වාසයක් තිබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පසුගිය කාලය පුරා, විපක්ෂය විසින් නඩත්තු කරන ලද පිරිසකට ඔවුන් අනාවැකි ප්‍රකාශ කළ බවද, එහෙත් එම අනාවැකි සියල්ල බොරු බවට පත්ව ඇති බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share.
Leave A Reply

Exit mobile version