රුසියානු ජෙනරාල්වරයෙකුට මරු කැඳවමින් මොස්කව් අගනුවර අද(22) කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් යි.

සිද්ධිය වූ ස්ථානයට මේ වන විට විමර්ශකයින් යොදවා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙම ප්‍රහාරයට යුක්‍රේන බුද්ධි අංශවල සම්බන්ධයක් ඇති බවටයි ඔවුන් සැක කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version