වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබේ.

අමෙරිකානු හමුදා මෙහෙයුමක් මගින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස මෙමගින් නියෝග කර ඇත.

ඒ අනුව ජාතියේ පරිපාලන අඛණ්ඩතාව සහ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති ධුරය ඇය විසින් භාරගනු ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version