ඉරාන නායකත්වය වහාම ක්‍රියාත්මක වීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට බරපතල ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමාට අයත් ‘ටෘත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානය වෙත මෙම සෘජු නිවේදනය නිකුත් කර තිබෙනවා.

“ඉරානය වෙනුවෙන් වෙන්වූ කාලය වේගයෙන් ගෙවී යමින් පවතිනවා (Clock is Ticking). ඔවුන් ඉතා ඉක්මනින්, වහාම ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි වන්නේ නැහැ. මේ මොහොතේ කාලය අතිශය තීරණාත්මකයි!” යනුවෙන් අමෙරිකානු ජනපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version