ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත්, තරග පැවැත්වෙන දින පමණක් වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව, දෙවන එක්දින තරගය අද (13) දිනයේ නොපැවැත්වෙන අතර, එය හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත අතර, තෙවන එක්දින ක‍්‍රිකට් තරගය ලබන 16 වැනිදා පැවැත්විමට නියමිතයි.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, පාකිස්තානයේ සංචාරයේ නිරතව සිටින ශ්‍රි ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබුණු අතර, එම ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය වහාම ක‍්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය සහ ආරක්ෂක බලධාරීන් එකඟ වී ඇති බවයි ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

