ටෙහෙරානය — යුද ගැටුම් අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට මෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක සටන් කිරීමට ද ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ, සාම ගිවිසුම් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට ඉරානයට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණක් බවයි.
මෙවැනි පසුබිමක ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කළේ, ඉරාන–අමෙරිකා ගැටුම් සමතයකට පත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවකට අදාළව අමෙරිකානු පාර්ශවයෙන් අදහස් ලැබී ඇති අතර, ඒ පිළිබඳව ටෙහෙරානය මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බවයි.
මධ්‍ය පෙරදිග කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාර තීරණාත්මක විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

