හටගෙන ඇති ගැටුම් අවසන් කිරීම සඳහා සාකච්ඡා වලට සහභාගීවීමට තායිලන්තය හා කාම්බෝජය එකඟතාව පළකර තිබෙනවා.
තායිලන්තය හා කාම්බෝජය අතර නැවත වරක් හටගත් ගැටුම් සමතයකට පත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයින් එළඹෙන සතියේදී සාකච්ඡාවක් සඳහා එකඟතාව පළකළා.
ඒ අනුව නැවත වරක් ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට දෙපාර්ශ්වයේ නියෝජිතයින් මැලේසියාවේදී හමුවනු ඇති.
මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම හටගෙන සති තුනක පමණ කාලයක් ගතව තිබෙනවා.
පසුගිය ජුලි මාසයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පළමුවරට සටන් විරාමයකට අත්සන් තැබුණු අතර මෙම මාසය මුලදී එය බිඳදමමින් යළිත් වරක් ගැටුම් හටගත්තා.
ගැටුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා එල්ලකරනවා.
ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන්ව සිටිනවා

