මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද (4 වැනිදා) සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා රටවල් 4ක් සහභාගි වීමට නියමිත අතර, ඒ සඳහා කිරිගිස්ථානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන් කණ්ඩායම් සහභාගි වෙති. තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් අද දින ප.ව. 3.00 ට ආරම්භ කෙරෙන අතර අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල 9 වැනිදා පස්වරු 4.00 ට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සීදුව දවිසමර විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් නේවාසිකව පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබයි. මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජාත්‍යන්තර වොලිබෝල් උපදේශක චාර්ල්ස් තිලකරත්න කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ සුලක්ෂනා පසිඳුනි වෙත ය.
තරගාවලියේ ප්‍රථම දිනය වන අද ආරම්භක තරගය ලෙස පස්වරු 3ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින තරග වදින අතර පස්වරු 5.30ට කිර්ගිස්තානය සහ නේපලය තරග වදිති. හෙට (5 වැනිදා) ප්‍රථම තරගය කිර්ගිස්තානය සහ මාලදිවයින අතරත්, දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතරත් පැවැත්වේ. අනිද්දා (6 වැනිදා) ප්‍රථම තරගයේ මාලදිවයින සහ නේපාලයත්, දෙවැනි තරගයේ ශ්‍රී ලංකාව සහ කිර්ගිස්තානයත් තරග වදින අතර 7 වැනිදා කණ්ඩායම්වලට විවේකී දිනයකි. අනතුරුව 8 වැනිදා ප්‍රසාද ලකුණු අනුව ප්‍රථම සහ සිව්වැනි ලැබූ කණ්ඩායම් දෙක අතරත්, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් දෙක අතරත් අවසන් පූර්ව තරග පැවැත්වේ. තරගාවලියේ අවසන් දිනය වන 9 වැනිදා අවසන් පූර්ව තරගවලින් ජයගන්නා කණ්ඩායම් ප්‍රථම ස්ථානය සඳහාත්, පරාජිත කණ්ඩායම් තෙවැනි ස්ථානය සඳහාත් තරග වැදීමට නියමිතය.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මධ්‍යමආසියානු #වොලිබෝල් #කාන්තාතරග #ශ්‍රීලංකාව #කිරිගිස්තානය #මාල්දිවීන් #නේපාලය #සුගතදාස #තරගාවලිය #YouthSports


