2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වේ.

නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

භාගී වන තරගාවලිය පැවැත්වෙන්නේ කටාර්හි සත්කාරකත්වයෙන් ය.
තරගාවලිය නොවැම්බර් 14වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaCricket #AsianCup2025 #DunithWellalage #YouthCricket #EmergingStars #CricketSquad #Qatar2025 #CricketPassion #FutureStars #CricketJourney

Share.
Leave A Reply

Exit mobile version