2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැත්වුණු ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබෙනවා.

එහිදී දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවද ඉක්මවා පැය දෙකකින් පමණ පසු එක් පිලකට පන්දුවාර 34ක් බැගින් සීමාකර ආරම්භ කෙරුණා.

නමුත්, පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 4.2ක් ක්‍රීඩා කරමින් සිටියදී යළිත් පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නැවැත්වීමට සිදුවූ අතර, ඒ වනවිට ඔවුන් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 18ක් රැස් කරගෙන සිටියා.

Share.
Leave A Reply

Exit mobile version