2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා අබුඩාබි හිදී පැවැත්වෙන බව ඉන්දීය ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිඛෙනවා.
වෙන්දේසියට දින නියමවීමත් සමඟ, එක් එක් කණ්ඩායම් විසින් නොවැම්බර් 15 වැනිදා ඉන්දීය වේලාවෙන් ප.ව. 3.00 ට පෙර ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ යුතු බවයි සඳහන් වන්නේ.
ඉන් අනතුරුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව සකස් කරන බවද සඳහන්.
2026 IPL තරගාවලිය මාර්තු 15 සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිතයි.

