ශ්රී ලංකාවට තවමත් සහල් පිටරටින් ගෙන ඒමට සිදුවී ඇති බවත්, 2028 වසර වන විට පිටරටින් සහල් ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර කරන සැලැස්මක ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට හා සියලු දෙනාටම හොරකම, වංචාව, දූෂණය, නාස්තිය සිදු කළ නොහැකි බව කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
ඒ අනුව, කිසිවකු හෝ එවැනි ක්රියාවකට සම්බන්ධ වුවහොත් ඔවුන් එළවා දැමීමට කටයුතු කරනු ඇති බවත්, ජනතාව ද ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඔහු ප්රකාශ කළේ.


