Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»ක්‍රීඩා»ප්‍රමුඛ පෙළ පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලිය…
    ක්‍රීඩා

    ප්‍රමුඛ පෙළ පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලිය…

    adminBy adminAugust 4, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 38ක ඉඩෝරයට තිත තබමින්ත්‍රිත්ව විදුහල ශූරතාවය දිනයි.පුරා වර්ෂ 38 ක් තිස්සේ ලත් පසුබෑමට තිත තබා ගනිමින් 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ප්‍රමුඛ පෙළ පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට මහනුවර ත‍්‍රිත්ව විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
    එහි ප්‍රතිඵලය ලෙස ජයග්‍රාහී ත්‍රිත්ව විදුහලට “ඩයලොග් අභියෝග කුසලාන ප්‍රදානය කෙරේ.
    දිවයිනේ පාසල් 18 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක තෙරුණු මෙවර ප්‍රමුඛ පෙළ පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වීම ඉහළ අගයක් ගත්තේය. තවත් එක් තරගයක් තිබියදීම ශූරතාවය තහවුරු කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වීම ඒ අතර කැපී පෙනෙයි.
    මූලික වටයේදී මහනුවර ශ්‍රී සුමංගල විදුහල ලකුණු 49 15 කින් ද
    මහනුවර විද්‍යාර්ථ විදුහල
    ලකුණු 74 – 14 කින් ද,
    කොළඹ තන්ස්ටන් විදුහල
    ලකුණු 48 – 19 කින් ද,
    කොළඹ ශාන්ත ජෝශප් විදුහල
    ලකුණු 29 – 07 කින් ද,
    කොළඹ රාජකීය විදුහල ලකුණු 34 – 12 කින් ද පරාජය කිරීමට ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබිණි. දෙවන වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 36 – 19 ක් ලෙස ද දෙවන තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 32 – 10 ක් ලෙස ද, තෙවන තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 23 – 21 ක් ලෙස ද ජයග්‍රහණ වාර්තා කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
    ත්‍රිත්ව විදුහල සහභාගි වූ ආසන්නම තරගය ඉකුත් සෙනසුරාදා (02දා) දින පල්ලේකැලේදී පැවැත්විණි. එහි දී ලකුණු 23 – 21 ක් ලෙස වෙස්ලි විදුහලට පරාජය හිමි විය. ත‍්‍රිත්ව සහ වෙස්ලි යන දෙවිදුහල් අතර තරගය අපේක්ෂා කළ පරිදිම ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරකට අනුවර්තනය වී තිබීම කැපී පෙණුනි. සමබර දක්ෂතා සපිරි දෙපිලක් ලෙස තරගය පුරා ක්‍රීඩක හැකියාවන් ඉහළ තලයක පවත්වා ගන්නා අයුරු මෙන්ම සටන්කාමීත්වය ප්‍රශංසනීය මට්ටමක වීම ඒ අතරේ විශේෂත්වයක් ඉසිලීය.
    තරගයේ පළමු භාගය නිම වන විට ලකුණු 07 – 05 ක්
    ලෙස පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහලට හැකියාව ලැබිණි. එහෙත්, දෙවන භාගය ආරම්භ වීමත් සමගම ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් තියුණුම ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ.
    ජයග්‍රාහී ත‍්‍රිත්ව පිල ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම 02, දඬුවම් පහර 01 සහ ඩ්‍රොප් ගෝල් 01 ක් ආශ්‍රිතව ලකුණු පුවරුව ඉහළ නංවා ගන්නා අතරවාරයේදී වෙස්ලි විදුහලට සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුම් 03 ක් පමණි.
    මෙම සති අන්තයේ පැවති ප්‍රමුඛ පෙළ සෙසු තරග ආශ්‍රිතව ජයග්‍රහණ අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්තපීතර විදුහල සමත් විය. රාජකීය විදුහල හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 30 – 29 ක් ලෙස ද ශාන්තපීතර විදුහල හමුවේ කොළඹ ඉසිපතන විදුහල ලකුණු 14 – 07 ක් ලෙස ද පරාජය ලැබීය. සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයන් ලෙස හඳුන්වා දිය හැකි රාජකීය සහ ශාන්ත තෝමස් යන දෙවිදුහල් අතර තරගය අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් ඉසිලීම කැපී පෙණුනි. එහි ප්‍රයත්නයක් ලෙස ලකුණු 01 ක සියුම් ජයග්‍රහණයක පහස ලබන්නට රාජකීය ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    admin
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක් 

    May 18, 2026

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    May 17, 2026

    ආසියානු විසිකිරීමේ ශුරතාවලිය: පිරිමි හෙල්ල විසීකිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්

    May 3, 2026

    ආසියානු විසිකිරීමේ ශුරතාවලිය: කාන්තා හෙල්ල විසීකිරීමේ ඉසව්වෙන් නදිශා ලේකම්ගේට රිදී පදක්කමක්

    May 3, 2026

    ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ

    May 2, 2026

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්‍ෂ 60…

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.