Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»ගොසිප්»අනියම් ඇසුරු ආරවුලකින් පසු ගැබිනි බිරිඳගේ හිස රැගෙන පොලිසියට බාර වූ සැමියා
    ගොසිප්

    අනියම් ඇසුරු ආරවුලකින් පසු ගැබිනි බිරිඳගේ හිස රැගෙන පොලිසියට බාර වූ සැමියා

    KanchanaBy KanchanaJune 3, 2025Updated:June 3, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතා කම්පනීය හා සංවේදී සිදුවීමක් වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ අද (ජූනි 3 ) උදෑසන වාර්තා විය. සිය ගැබිනි බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව, ඇගේ හිස පොලිතීන් බෑගයක දමාගෙන පුලියන්කුලම පොලිස් ස්ථානයට පැමිණ තමන් විසින්ම බාර වූ සැමියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. 

    අද උදෑසන පුලියන්කුලම පොලිස් ස්ථානයට යතුරුපැදියකින් පැමිණි තරුණ පුරුෂයෙක් තමා අතැති පොලිතීන් බෑගය තුළ සිය බිරිඳගේ හිස ඇති බවත්, ඇයව ඝාතනය කර ශරීරය වනාන්තර ප්‍රදේශයක හැර දමා ඇති බවත් පවසා ඇත. මෙයින් කම්පනයට පත් පොලිස් නිලධාරීන් වහාම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව, මියගිය කාන්තාවගේ සිරුර සින්නපූවරසන්කුලම් අසල පිහිටි වනාන්තර ප්‍රදේශයකින් සොයාගෙන ඇත.

    මෙම සිදුවීමේ ගොදුර වූයේ අනන්තර්පුලියන්කුලම් නොච්චිකුලම් හි පදිංචි, වයස අවුරුදු 32ක් වූ සුකිර්තරන් ස්වර්ණලතා නම් ගුරුවරිය යි. ඇය ගැබිනි මවක් බව වාර්තා වේ. ඇය වවුනියාව උතුරු ප්‍රදේශයේ රජයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇත.

    සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුල් පැවති බව වාර්තා වේ. අද උදෑසන නොච්චිකුලම් ප්‍රදේශයේ සිට දෙදෙනාම යතුරුපැදියකින් පුලියන්කුලම දෙසට ගමන් කර ඇත. ඒ අතරතුරදී සින්නපූවරසන්කුලම් අසල වනාන්තර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු වී ඇතැයි සැක කෙරේ.

    සිදුවීමට සම්බන්ධ සැකකරු යාපනය ප්‍රදේශයේ කො.සුකිර්තරන් නම් පුද්ගලයා බව හඳුනාගෙන ඇති අතර, ඔහු තමන් විසින්ම පොලිස් ස්ථානයට පැමිණ ඝාතනය සිදු කළ බව පිළිගෙන ඇත.

    වඩාත් විස්තරාත්මක තොරතුරු වලට අනුව, මානිප්පායි ප්‍රදේශයෙන් පැමිණි සැමියා, අදාළ ගුරුවරිය සමඟ පෙම් සබඳතාවයකින් පසු විවාහ වී ඇත. කෙසේවෙතත්, ගුරුවරිය වෙනත් තරුණයෙකු සමඟ සබඳතාවයක් පවත්වා ගෙන ගිය බවට සැමියා චෝදනා කර ඇති අතර, මේ හේතුවෙන් දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇත. දින කිහිපයකට පෙර, දෙදෙනා තම ගැටලු විසඳාගෙන සමඟිව සිටි නමුත් තරුණයා නැවත සිද්දිය ඇවිස්සීමෙන් පසු මෙම වියවුල හටගෙන ඇත.

    ගුරුවරිය සමඟ සබඳතාවයක් පැවැත්වූ බව කියන තරුණයා, ඔවුන් දෙදෙනා සමීපව සිටින ඡායාරූප සැමියාට යවා ඇත්තේ පසුගිය දිනකදීය. මෙයින් කෝපයට පත් සැමියා, බිරිඳගේ සහෝදරයාට ද මේ බව දන්වා ඇත.

    පසුව, මෙම ගැටලුව පොලිස් ස්ථානයක දී විසඳා ගැනීමට හැකි බව පවසමින්, ඔහු බිරිඳව කැඳවාගෙන පොලිසියටද ගොස් ඇත. එම ගමන එන අතරදී, නයිනාමඩු වනාන්තර ප්‍රදේශයේදී බිරිඳගේ ගෙල කපා ඝාතනය කර, හිස වෙන් කොට ප්ලාස්ටික් බෑගයක දමා, පුලියන්කුලම් පොලිස් ස්ථානයට පැමිණ ඇත.

    සැකකරු තම බිරිඳව මරා නයිනාමඩු වනාන්තරයේ දමා ඇති බව පැවසීමෙන් පසු, පොලිසිය මෘත ශරීරය සොයා ගැනීමේ මෙහෙයුමක නිරත වී අවසානයේ සිරුර සොයාගෙන ඇත. පුලියන්කුලම පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

    පොලිසිය විසින් දැනට කරන ලද මූලික පරීක්ෂණවලට අනුව, මෙම ඝාතනයට හේතුව අනියම් සබඳතාවයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසයි. සැකකරු බිරිඳගේ හිස සහිත යතුරුපැදිය පුලියන්කුලම් පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙන විත්, ස්ථානාධිපතිවරයාට සහ අනෙකුත් නිලධාරීන්ට සිදු කළ අපරාධය පිළිබඳව දැනුම් දී පොලිසියට භාර වී ඇත.

    මෙම සිදුවීම ප්‍රදේශයේ පදිංචිකරුවන් තුළ දැඩි කම්පනයක් හා භීතියක් ඇති කර ඇත. විශේෂයෙන්ම ගැබිනි මවක් වූ පාසල් ගුරුවරියක මෙලෙස ඝාතනය වීම ප්‍රදේශවාසීන් අතර දැඩි කනගාටුවට හේතු වී ඇත.

    මෙම දරුණු ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දිගටම පැවැත්වෙන අතර, ඝාතකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Kanchana

    Related Posts

    පෙම්වතා හෝටලයකදී ගහලා ලක්ෂ 60ක් ගත්තැයි සාරංගි සංගීතාගෙන් පොලිස් පැමිණිල්ලක්

    December 29, 2025

    ආදරේ කරන්න ඕන, කැපවෙන්න ඕනතමන්ට කියලා ආත්ම ගෞරවයක් තියෙනමිනිහෙක්ට විතරයි.”සටහන ගැන යාළු නළු නිළියෝ දේශානිට කියපු කථා

    December 20, 2025

    හතළිස් අටවන උපන් දිනය සමරන්න ගාල්ලේ සිඩ්නි බාර් එකේ අඩියක් ගහපු සංගා

    October 28, 2025

    කෙහෙල්බද්දර පද්මේගේ සම්බන්ධතාසම්බන්ධයෙන් හෙෂානි කියන කතාව

    October 28, 2025

    පකිස්තානයේ 17 වියැති ටික්ටොක් තාරකාව උපන්දිනයදා නිවසට ආ අයකු වෙඩි තබා මරලා

    June 3, 2025

    මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50ක බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය

    June 3, 2025
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.