දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහා අධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ භාරේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් වෙත භාරදීමට අද කැබිනට් අනුමැතිය හිමි වී තිබුණා.

එහිදී අංක 108 b,විජයරාම පාර කොළඹ 07 ස්ථානයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ත් එම අධිකරණයක් පිහිටවීම සඳහා තෝරා ගෙන තිබෙනවාද? යන්න පුදුම උපදවන සුළු කාරණයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවස ද මේ ආසන්නයේම තිබූ පිහිටා තිබෙන අතර එය අංක b 117 ,විජයාරම මාවත කොළඹ 07 ලිපිනයේ පිහිටා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවස නිල නිවස ට සිදු කරන්නේ කුමක්දයන්න පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විවිධ අදහස් දක්වා තිබුණා.එය සංචාරක හෝටලයක් බවට පත් කරන බව මුලින් කියවුනු අතර පසුවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන බවටත් ප්‍රකාශ කර තිබුණා

Share.
Leave A Reply

Exit mobile version