Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් සහ විශේෂ කාර්ය බලකා බඳවා ගැනීම්: අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ!

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    බාල ගල් අඟුරු පාඩුව පියවන්න විදුලි බිල වැඩි කිරීම වළක්වන්නැයි රිට් පෙත්සමක්

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අද එකක් කියනවා හෙට තව එකක් කියනවා කාදිනල් හිමිපානන්ට දේශපාලණය තිත්ත වෙයි
    උණුසුම් පුවත්

    අද එකක් කියනවා හෙට තව එකක් කියනවා කාදිනල් හිමිපානන්ට දේශපාලණය තිත්ත වෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් පසුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, මීගමුව පිටිපන මහවිද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ දේවමෙහෙයට එක්වෙමිනි.

    “දේශපාලකයන්ගේ ලෝකයේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. අද එකක් කියනවා ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් හෙට ඒගොල්ලෝ කරනවා. දැන් උදාහරණයක් එක්තරා පසුගිය රජයක හිටපු ඇමති කෙනෙක් දැන් කෑගහනවා ජනාධිපතිතුමා උසාවියට උසාවියේ තීන්දු එයා ප්‍රකාශ කරන්න පටන් අරන් උසාවියට පරිභව කරනවයි කියලා. ඒ ඇමතිතුමා හිටපු ආණ්ඩුවෙන් එදා හිටපු අපේ අග්‍රවිනිශ්චකාරතුමියව බලහත්කාරයෙන් නෙරපලා දැම්මා. තමන්ගේ තනතුරෙන් බොරු චෝදනාවක් එල්ල කරලා.එතකොට ඒ වෙලාවේදී ඒ මහත්මයා ඡන්දෙ දුන්නා ඒකට. දැන් කියනවා මේකට අත ගහනවා කියලා. ඉතින් මේ දෙබිඩි ප්‍රතිපත්ති  ඉස්සර කාලේ එක එක කාලයක් තිබුණා ඔය පාර්ලිමේන්තුවේ එක පැත්තක අය කිව්වා අනිත් පැත්තේ අය දිහා බලලා, හොරු, හොරු හොරු කියලා. ඒ පැත්තේ අය හැරිලා කිව්වා ඔයාලා හොරු හොරු හොරු කියලා. එතකොට ඔක්කොමල්ලා හොරු. ඒගොල්ලොම කියා ගන්නවා ඒගොල්ලෝ හොරුයි කියලා. මේ වගේ දැන් නීතියක් අවනීතිය කරන්නට නීතිය උසාවිය නිදහස් වෙන්න ඕන හැමතිස්සෙම.

    ඒක ඇත්ත. නමුත් ඒක හැම දේශපාලන පක්ෂයක්ම කළ යුතු දෙයක්. එක කට්ටියක් ඒක නොකර ඉඳලා ඊට පස්සේ අනිත් කට්ටියට ඒක කරන්නයි කියලා බනින එක, ඒක වැරදි දෙයක්. ඒක බොරුවක්. එහෙම බොරු කරන්න එපා. දේශපාලන නායකයෝ තමන් අඳින වස්ත්‍රවලටවත් අඩුගානේ ගරු කරන්න ඕනේ. ඒ නිසා ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තමන් ක්‍රියාත්මක නොකළ ප්‍රතිපත්තියක් ගැන දැන් දේශනා කරන්න එන්න එපා. වැරදියි. පැවිද්දන්ව පාසල්වල නායකත්වයට දාන්න කියලා අපි අවුරුදු ගණන් මේ ආණ්ඩුවලට කියනවා. එක එක ආණ්ඩුවලින් පැවිදි පූජක, පැවිදි උතුමන්ලාට ගුරු පත්වීම් දෙනවා කියලා අපිට පොරොන්දු දිදී, අපිව රැවැට්ටුවා. ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුවලට, අපි මේ ලැයිස්තු භාර දුන්නා. අපිට කිව්වා ලැයිස්තු දෙන්න. ගුරු පත්වීම් ලබාදෙන්න. පැවිදි සොහොයුරු, සොහොයුරියන්ට සහ පූජා ප්‍රසාදි තුමන්ලාට කියලා. ඒ ගුරු පත්වීම් අපිට දුන්නේ නැහැ. මට මතකයි මඩු දේවස්ථානයේදී එක්තරා පස්සේ ජනාධිපති කෙනෙක් ණ කෙනෙක්. මගේ මුහුණටම කිව්වා, මාස එකහමාරකින් මේ ගුරු පත්වීම් දෙනවා කියලා.

    මාස එකහමාර අද වෙනකන් ඇවිල්ලා නෑ. ඒ මහත්මයා රටේ ජනාධිපතිත් වුණා ඊට පස්සේ. මුකුත් නෑ. ඔක්කොම බොරු කතා. දේශපාලන ලෝකය ගැන අපිට ඉතාමත්ම තිත්ත වෙලා තියෙනවා. මේ හැසිරීම. මේ දිළිඳු බව පිළිබඳව. ප්‍රතිපත්තියක් නැති, වචනයක් අනුගමනය කරන්නට බැරි, බොරු කියන, අනිත් අයට මඩ ගහන, අරවා මේවා, ඒවා මේවා වැඩකරන, එහෙම සමාජයේ අපිරිසිදු කරන චරිත නිසා අපිට දේශපාලනය එපා වෙලා තියෙන තත්වයට ඇවිල්ලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පොලිස් සහ විශේෂ කාර්ය බලකා බඳවා ගැනීම්: අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ!

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    බාල ගල් අඟුරු පාඩුව පියවන්න විදුලි බිල වැඩි කිරීම වළක්වන්නැයි රිට් පෙත්සමක්

    May 21, 2026

    වසර 10ක් දක්වා ආහාර නොමැතිව ජීවත් විය හැකි සත්වයා.

    May 21, 2026

    තණකොළත් කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යනවා: පා. මන්ත්‍රී සුනිල් බියන්විල

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පොලිස් සහ විශේෂ කාර්ය බලකා බඳවා ගැනීම්: අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ!

    May 21, 2026

    ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    බාල ගල් අඟුරු පාඩුව පියවන්න විදුලි බිල වැඩි කිරීම වළක්වන්නැයි රිට් පෙත්සමක්

    May 21, 2026

    අද එකක් කියනවා හෙට තව එකක් කියනවා කාදිනල් හිමිපානන්ට දේශපාලණය තිත්ත වෙයි

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පොලිස් සහ විශේෂ කාර්ය බලකා බඳවා ගැනීම්: අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ!

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    බාල ගල් අඟුරු පාඩුව පියවන්න විදුලි බිල වැඩි කිරීම වළක්වන්නැයි රිට් පෙත්සමක්

    May 21, 2026

    අද එකක් කියනවා හෙට තව එකක් කියනවා කාදිනල් හිමිපානන්ට දේශපාලණය තිත්ත වෙයි

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පොලිස් සහ විශේෂ කාර්ය බලකා බඳවා ගැනීම්: අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ!

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    බාල ගල් අඟුරු පාඩුව පියවන්න විදුලි බිල වැඩි කිරීම වළක්වන්නැයි රිට් පෙත්සමක්

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.