අනර්තර්ජාලය හරහා නීති විරෝධී කටයුත්තක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය.
තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවාසයක් වැටලු අවස්ථාවේදී එහි තිබී ඩෙක්ස්ටොප් පරිගණක 35ක් ටැබ් පරිගණක 37ක් ජංගම දුරකතන 147ක් සිම්පත් 100ක් සහ නීති විරෝධී දුම්වැටි 2100 ක් සොයාගෙන තිබේ.
එම සියලු උපකරණ සමගින් නිවස මුද්‍රා තැබීමට කටයුතු පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා මාස තුනක සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙම නීති විරෝධීව සේවාවන් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
මෙම සැකකරුවන් අන්තර්ජාලය හරහා නීති විරෝධී මූල්‍ය ජාවාරමක නිරත වූයේද නැතහොත් හැකර්වරුන් ලෙස ක්‍රියාත්මක වූයේද එසේත් නොමැති නම් වෙනත් අන්තර්ජාල අපරාධවල නිරත වූයේද යන්න වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එමෙන්ම අදාළ පරීක්ෂණ සඳහා මුද්‍රා තැබූ නිවසේ තිබූ පරිගණක සහ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා පිළිබඳව වැඩිදුර නීතිමය කටයුතු සඳහා තංගලම පොලිසිය වෙත භාරදී ඇති අතර එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

