මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වැය වන පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් (Verite Research) ආයතනය පවසනවා.
ඒ අනුව, එම ආයතනය පවත්වාගෙන යන PublicFinance.lk වේදිකාව මගින් සිදු කළ විශ්ලේෂණයකට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී අවුරුදු කැවිලි පිරිවැය 7.0% කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙය රටේ පැවති වසංගත තත්ත්වයට සහ ආර්ථික අර්බුදයට පෙර, එනම් 2019 වසරට සාපේක්ෂව 2.5 ගුණයක වැඩි වීමක් ලෙසයි එහි සඳහන්.
සමස්ත පිරිවැය ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාම බවත්, මුළු පිරිවැය වැඩිවීමෙන් 80% කටම දායකත්වය ලබා දෙන්නේ මෙම අමුද්‍රව්‍ය දෙක බවයි එම සමාගම පවසන්නේ.
කැවිලි මේසයට ඇතුළත් සාම්ප්‍රදායික කැවිලි වර්ග අටෙන් හයකම මිල ගණන් මෙවර ඉහළ ගොස් ඇති අතර, සාමාන්‍යයෙන් අවුරුදු මේසයකට ඇතුළත් වන කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් යන වර්ග මේ සඳහා ඇතුලත් බවයි වේරිටේ රිසර්ච් පවසන්නේ.
මෙහිදී මිල දත්ත ලබාගෙන ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් විවෘත වෙළඳපල සිල්ලර මිල ගණන් පදනම් කරගනිමින් බවත් එහි සඳහන්.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

