ශ්‍රී ලංකා සංචාරක හා හොටෙල් කළමනාකරණ ආයතනය සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන සත්කාරය ශ්‍රමසේනා ව්‍යාප්තියේ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වුණි.
ඒ සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගී විය.
අස්වැසුමලාභී පවුල් දුප්පත්කමින් මිදවීම අරමුණුකොට එම පවුල්වල දරුන්වන් 108ක් මෙම වැඩසටහන හරහා හොටෙල් ක්ෂ්ත්‍රයේ පුහුණුව සඳහා බඳවා ගැනීම මෙහිදී සිදුකෙරිනි.
මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ,
“අස්වැසුම හැමදාම බෙදන්න ඇවිල්ලා නෑ.ඒක දේශපාලන සටන් පාඨයක් කරගෙන අපි මෙච්චර පවුල්වලට අස්වැසුම දුන්නා කියලා පම්පෝරි ගහන්න අපට උවමනාවක් නෑ. අපි සතුටු වෙන්නේ අපේ රටේ අස්වැසුම ඉවර වුණ දවසට. ඒකට විසඳුමක් දීල වැඩපිළිවෙළක් දීලා ඒක ඉවර කරන්න ඕන. තෝරාගැනීම් දෙකෙන් එකක් තියෙන්නේ. දුප්පත්කමේ හැමදාම ඉන්නවද? දුප්පත්කමට අභියෝග කරලා ඉදිරියට යනවද? ලංකාවට එන සංචාරකයින්ට හරියාකාර සත්කාර කරන්න අපට පහසුකම් නෑ, ඉඩකඩ නෑ. මේක පුළුල් කරන්න නම් අලුතින් සංචාරක හෝටල් ආරම්භ වෙන්න ඕන, අලුතින් වෘත්තීමයභාවයක් සහිත පිරිසක් එන්න ඕන. මේක දියුණු කරන්න ඕන.”
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකා #සංචාරක #හොටෙල් #මාතර #සත්කාරය #අස්වැසුම #දුප්පත්කම #සංචාරකඅමාත්‍යංශය #පුහුණුව #ජාතිකවැඩසටහන


