Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“ආණ්ඩුව ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඩබල් කැබ් 1775 ගේන්න හදනවා” -පාම රවී කරුණානායක.
    උණුසුම් පුවත්

    “ආණ්ඩුව ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඩබල් කැබ් 1775 ගේන්න හදනවා” -පාම රවී කරුණානායක.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiOctober 31, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට රජය සූදානම් වන බවත් එය නියමිත අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව
    සිදු කිරීමට යන බවටත් හිටපු මුදල් අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

    මේ මිලදී ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ද සිහි කැඳවමින් හිටපු මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වීය.

    ‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රීවරුන්ට වාහන අවශ්‍ය නෑ. නමුත් ඔබ තුමාලාට මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රීවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියාල. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ පෙරේදා මේක ආයිත් මතු වුණා.

    ඩබල් කැබ් 1775ක් දින 12ක් ඇතුළත ටෙන්ඩර් කරලා ගන්න තමයි හදන්නේ. 2000ක් ගේන්න ගිය එක 1775 වුණේ මන්ත්‍රිවරු 225 අඩු කරලා. මේ වාහන ටික ගේන්න ලංකා රජයට රු බිලියන 42.8ක් වියදම් වෙනවා

    අනිත් එක තමයි මේ තරම් විශාල මුදලක් වැය වෙන අන්තර්ජාතික ටෙන්ඩරයට දීලා තියෙන්නේ දවස් 12ක් විතරයි. නමුත් නියම ක්‍රමවේදයට අනුව නම් දවස් 42ක් දෙන්න ඕන.මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරන්න නම් ආයතනයකට වාර්ෂික පිරිවැටුම බිලියන 10ක් අවමය තිබිය යුතුයි. ඒ වගේම වාහන සේවා කරන ආයතන දිවයින පුරාම තිබිය යුතුයි. එන්ජින් ධාරිතාව 2500 cc විය යුතුයි. මෙහෙම බැලුවාම එක ආයතනයකට විතරයි ටෙන්ඩරයට ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ.

    අනිත් දේ තමයි, ආණ්ඩුවට මේ වාහන දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් එක වාහනයකට වැය වෙන්නේ රු. මිලියන 16.5ක් විතරයි. නමුත් ගන්න යන්නේ එකක් මිලියන 24.5 ගානේ. දේශීය වශයෙන් ගත්තොත් ලාභෙ මිලියන 8යි. 3ට 1ක් අඩුයි.

    මේ වාහන කාගෙන් ගත්තත් ආණ්ඩුව මේ කරන්න යන්නේ අපරාධයක්. ඇයි තව දුරටත් ලංකාවට ඉන්ධනවලින් දුවන වාහන ගෙන්වන්නේ? මේ වාහනයක් ඉන්ධන ලීටරයකට කි. මී. 6ක් 7ක් දුවනවා නම්, අවුරුද්දකට තෙල්වලට විතරක් මිලියන 8ක් වියදම් වෙනවා. මේ නාස්ති කරන්නේ අපේ විදේශ විනිමය. අපි විදුලියෙන් දුවන වාහන ගෙනාවනම් අපිට කි.මී. ගෙවන්න වෙන්නේ රු. 4ක් හෝ 5ක්. එහෙම වුණා නම් අපිට බිලියන 8ක් ඉතුරු වෙනවා. එතකොට වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා නම් අවුරුදු පහටම අපට බිලියන 40ක් ඉතිරි කරන්න පුළුවන්. බිලියන 40ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. අපිට තවත් මහවැලියක් හදන්න පුළුවන්.

    ලංකා රජයට මේ වෙනකොටත් වාහන 87000ක් තියෙනවා. නමුත් ලෝකයේ දියුණු රටක් වන ඔස්ට්‍රේලියාවේ රජයට තියෙන්නේ වාහන 7800ක් විතරයි.

    වාහන ගේන්නම ඕන නම් මම කියන්නේ ඩීසල් වාහන ගේන්න එපා ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. එතකොට මම කිව්වා වගේ ඉන්ධනවලින් අවුරුද්දකට බිලියන 8කුත් වාහනවලට වියදම් කරන මුදලෙන් බිලියන 16කුත් ඉතුරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ඒවා චාජ් කරන්න තැන් නෑ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඉතිරිවන මුදලින් ලංකාව පුරාම චාර්ජ් කරන සෙන්ටර් හදන්න පුළුවන්. ඒක මුළු රට වෙනුවෙන්ම කරන ආයෝජනයක්.‘‘

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රජය #ඩබල්කැබ් #ටෙන්ඩර් #වාහන #ලංකාව #මුදල්අමාත්‍ය #විදේශවිනිමය #ඉලෙක්ට්‍රික්වාහන #පාරිභෝගිකයා #සමාජය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.