ආදයම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024, 2025 වර්ෂවලට අදාළ ආදයම් බදු වාර්තා මාර්ගගතව ලබන 31වන දින හෝ එදිනට පෙර භාර දීම අනිවාර්ය බව දේශීය ආදයම් බදු දෙපාර්තමේතුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත දිනට ආදයම් බදු වාර්තා ලබා නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරණ දේශීය ආදයම් පනත අනුව නීතිමය ක්රියාමාර්ග ගැනීමට සිදු වන බවයි. වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදයම් ප්රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
newsforcelk #සත්යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ආදයම්බදු #ලියාපදිංචි #2024 #2025 #බදුවාර්තා #දේශීයබදු #නීතිමයක්රියාමාර්ග #IRDSriLanka #බදුපනත #බදුදෙපාර්තමේන්තුව


