Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ගොඩනැගීම – ශ්‍රී ලංකාවේ ඊළඟ විදේශ ආයෝජන රැල්ල සඳහා මාවත සකස් කිරීම කල යුතුයි”-උගන්ඩා මහ කොමසාරිස් තානාපති කන්නන් වී කනනාතන්.(මව්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡා⁣වෙන් උපුටා ගන්නා ලදි)
    උණුසුම් පුවත්

    “ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ගොඩනැගීම – ශ්‍රී ලංකාවේ ඊළඟ විදේශ ආයෝජන රැල්ල සඳහා මාවත සකස් කිරීම කල යුතුයි”-උගන්ඩා මහ කොමසාරිස් තානාපති කන්නන් වී කනනාතන්.(මව්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡා⁣වෙන් උපුටා ගන්නා ලදි)

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 17, 2025No Comments7 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) වැඩියෙන් ආකර්ෂණය කරගත හැකි ආකාරය සහ ගෝලීය ආයෝජකයන් සඳහා තරගකාරී ගමනාන්තයක් ලෙස නැවත ස්ථානගත විය හැකි ආකාරය පිළිබඳව පළපුරුදු ව්‍යාපාරිකයකු සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ තානාපති වී. කනනාදන් ‘මව්බිම’ සමඟ දැක් වූ අදහස්.

    ඔබ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඒ වගේම ආයෝජකයෙක්. ආයෝජක දෘෂ්ටි කෝණයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය දකින්නේ කොහොමද?

    ශ්‍රී ලංකාව දැන් සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක. දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පස්සේ අපිට දැන් රටේ ස්ථාවරත්වයක් දකිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතියක් දැකිය හැකියි. උද්ධමනය ලිහිල් වී, විශ්වාසය ක්‍රමයෙන් නැවත ගොඩනැඟෙමින් පවතිනවා. එහෙත් විදේශීය ආයෝජකයන් තවමත් සිටින්නේ යම් ප්‍රවේසම් සහගත බැල්මකින්. ඔවුන්ට අවශ්‍ය ස්ථාවරත්වය, පුරෝකථනය කිරීමේ හැකියාව සහ රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි බව. ආර්ථිකයේ මූලිකාංග බිඳ වැටුණු තැනින් වැඩිදියුණු වෙමින් තිබුණත් අපට දිගුකාලීන ප්‍රාග්ධනයක් ආකර්ෂණය කරගත හැකි වේගය තීරණය වන්නේ රටේ ප්‍රතිපත්ති පිළිබඳ විශ්වසනීයත්වය සහ ක්‍රියාත්මක වීමේ වේගය මතයි.

    ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලද්දී දැනට විදේශීය ආයෝජකයන් මුහුණ දෙන බාධාවන් මොනවාද?

    බොහෝ දුරට බාධාවන් ලෙස හඳුනා ගත හැක්කේ පවතින ක්‍රියාපටිපාටි සහ ආයතනිකව නිර්මාණය වන ඒවා. ඇත්තටම ශ්‍රී ලංකාව පිහිටන්නේ මූලෝපායිකව වැදගත් භූ පිහිටීමක. රටේ කුසලතා සහිත ශ්‍රමයක් පවතින බවත් අප පිළිගත යුතුයි. එන ආයෝජකයන්ට ප්‍රධාන වෙළෙඳපොළ වෙත ප්‍රවේශයක් ලබා දුන්නත් ආයෝජකයන්ට බලපත්‍ර, පාරිසරික නිෂ්කාශන කර්මාන්ත බලපත්‍ර වැනි අනුමැතීන් ලබාගැනීමේදී වංකගිරියක යන්නට සිදුවනවා. මෙය ව්‍යාපෘති ප්‍රමාද කරනවා පමණක් නොව අවිනිශ්චිතතාවක්ද නිර්මාණය කරනවා.

    ඔබ නිලධාරිවාදය ගැන සඳහන් කළා. එම නිලධාරිවාදය මැඬ ගෙන ආයෝජකයන්ට පහසුකම් සැලසීමට ආයෝජන මණ්ඩලයට බැරිද?

    ආයෝජන මණ්ඩලය සැබැවින්ම “එකම වහලක් යට සියලු සේවා සපයන ආයෝජන මධ්‍යස්ථානයක්” බවට පරිණාමය විය යුතුයි. එහි අර්ථය නම් හුදෙක් එසේ සන්නාමකරණය කිරීම පමණක් නොව මුදල්, පරිසර, බලශක්ති, වරාය, රේගු, ආගමන – විගමන සහ කම්කරු වැනි සෑම ප්‍රධාන අමාත්‍යාංශයකම නියෝජිතයන් එකම වහලක් යටට ක්‍රියාකාරීව ඒකාබද්ධ කළ යුතුයි.

    සියලුම නිෂ්කාශන සහ බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණ ක්‍රියාවලියක් හරහා ආයෝජන මණ්ඩලය බලගැන්වුවහොත්, ආයෝජකයකුට ඒ කාර්ය කර ගන්න කාර්යාල දහයකට විතර යෑමට අවශ්‍ය නෑ.

    එයින් අනුමැතිය සඳහා ගත වන කාලය මාස ගණනක සිට සති කිහිපයක් දක්වා අඩු කර ගත හැකියි. සිංගප්පූරුව, වියට්නාමය, කෙන්යාව සහ බොහෝ අප්‍රිකානු රටවල් අනුගමනය කරන්නේ එම ආකෘතියයි.

    ඔබ කියන පරිපාලන ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ශ්‍රී ලංකාව වඩාත් ආයෝජන හිතකර රටක් බවට පත් කිරීම සඳහා රජයට කළ හැක්කේ කුමක්ද?

    ඇත්තම කතාව ආයෝජකයන්ට ඉහළ බදු හෝ දැඩි රෙගුලාසි ඉවසාගෙන ඉන්න පුළුවන්. නමුත් හදිසි ප්‍රතිපත්ති, වෙනස්කම් ඉවසා සිටිය නොහැකියි. ඒ නිසා රටකට ස්ථාවර ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

    ඒ සඳහා මම යෝජනා කරනවා මෙහෙම එකක්. දේශපාලන බල පෙරළි ඇතුළේ ස්ථාවරව පවතින දස අවුරුදු ආයෝජන ප්‍රතිපත්ති රාමුවක් රටකට අවශ්‍යයි.

    එ වගේම ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණ සහ ආයෝජන ඇපකර ඇතුළුව විදේශීය ආයෝජකයන් සඳහා නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම, පොදු බදු සහන වෙනුවට පුනර්ජනනීය බලශක්තිය, ගමනාගමය සහ භාණ්ඩ ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය සහ කෘෂි සැකසුම් වැනි ඉහළ වටිනාකමක් ඇති කර්මාන්ත තෝරා ගත් ආයෝජන සඳහා විශේෂ දිරිගැන්වීම් ලබාදීම.

    විනිවිදභාවයෙන් යුතු ටෙන්ඩර් පටිපාටි සහතික කරමින්, යටිතල පහසුකම් සහ ලොජිස්ටික්ස් ක්ෂේත්‍ර තුළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) ප්‍රවර්ධනය කිරීම.

    අද දින ගෝලීය ආයෝජකයන්ගේ ඇස් හමුවේ ශ්‍රී ලංකාව ස්ථානගත කළ යුත්තේ කෙසේද?

    අප සංචාරක ව්‍යාපාරයෙන් සහ තේවලින් ඔබ්බට ගොස් ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාව නැවත සන්නාමකරණය කළ යුතුයි. ලෝකය අපව දැකිය යුත්තේ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර පාලමක් වන මූලෝපායික ආයෝජන මධ්‍යස්ථානයක් විදිහට.

    උදාහරණයකට කොළඹ වරාය නගරය මූල්‍ය සහ සේවා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකියි. නැඟෙනහිර සහ උතුරු පළාත්වලට හරිත බලශක්තිය සහ ලොජිස්ටික්ස් කෙරෙහි අවධානය යොමු කළ හැකියි. දකුණු තීරය නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ කොරිඩෝවක් ලෙස ප්‍රවර්ධනය කරන්න පුළුවන්.

    ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ විදේශ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව මෙහෙයවනු ලබන ඒකාබද්ධ ජාතික ආයෝජන ප්‍රවර්ධන මූලෝපායක් ඔස්සේ මේවා ප්‍රවර්ධනය කළ හැකියි.

    විදේශ ආයෝජකයන් ආකර්ෂණයේදී විනිවිදභාවය බොහෝ විට සැලකිල්ලට ගත යුතු කරුණක්. එය වැඩිදියුණු කිරීමට උපකාර කළ හැක්කේ කුමන යාන්ත්‍රණවලටද?

    පූර්ණ ඩිජිටල් පරිවර්තනයක් අත්‍යවශ්‍යයි. ආයෝජකයන්ට මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කිරීමට, ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ අනුමැතීන් ලබා ගැනීමට හැකි විය යුතුයි. එමෙන්ම, එක් එක් ලිපිගොනුව රැඳී පවතින ස්ථානය තත්‍ය කාලීනව පෙන්වන මාපක ක්‍රමයක (ට්‍රැකිං සිස්ටම් එකක්) තිබිය යුතුයි. එයින් විනිවිදභාවය වැඩි වෙනවා.

    තවද අමාත්‍යාංශ සඳහා ආයෝජන අනුමත කිරීමේ කාලසීමාවන් සහ කාර්ය සාධන ප්‍රමිති ප්‍රකාශයට පත් කළ හැකියි. එනම් ඊට අදාළ කාලය තුළ අදාළ කාර්ය සම්පූර්ණ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ යුතුයි. කෙටියෙන් කිවහොත් විශ්වාසය නැවත ගොඩනැංවීම සඳහා තාක්ෂණය සහ විනිවිදභාවය අත්වැල් බැඳගෙන ගමන් කිරීම අවශ්‍යයි.

    වියට්නාමය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි අසල්වැසි රටවල් ආක්‍රමණශීලී ලෙස ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගනිමින් සිටිනවා. මේ රටවලට සාපේක්ෂව අපේ තත්ත්වය?

    අපට ඔවුන්ගේ වෙළෙඳපොළේ ප්‍රමාණයට සම විය නොහැකියි. නමුත් අපටත් වේගවත්, විනිවිදභාවයෙන් යුතු සහ වඩාත් උපායමාර්ගික වෙළෙඳපොළක් බවට පත් විය හැකියි. පුනර්ජනනීය බලශක්තිය, ලොජිස්ටික්ස්, තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කළමනාකරණය (IT-BPM), ඇඟලුම් සහ ආහාර සැකසීම වැනි සුවිශේෂ අංශ කෙරෙහි අවධානය යොමු කර, යටිතල පහසුකම් ලබා දෙන්නේ නම්, ආයෝජකයන් පැමිණේවි.

    “එක් දිනකින් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ” ක්‍රමයක් සහ සැබෑ එකම වහලක් යට සේවා සපයන ආයෝජන මණ්ඩල නිෂ්කාශන ක්‍රියාවලියක් තිබීම අපගේ තරගකාරී වාසිය විය හැකියි.

    බොහෝ විචාරකයන්ට අනුව විදේශ දූත මණ්ඩල මේ දක්වා රට තුළට මෙන්ම රටින් පිටතටද එකදු හෝ ස්පර්ශනීය ආයෝජනයක් යොමු කිරීමට අපොහොසත් වී තිබෙනවා?

    අකැමැත්තෙන් වුවද පිළිගත යුතු ඇත්ත එයයි. අපගේ බොහෝ දූත මණ්ඩල අවධානය යොමු කර ඇත්තේ තානාපති සේවා, රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර සහ සංස්කෘතික කාර්යයන් කෙරෙහියි.

    එනම් ගමන් බලපත් අලුත් කිරීම, ජාතික දින සැමරුම් ආදිය වෙතයි. ඔවුන්ගේ මූලික නූතන මෙහෙවර විය යුතු ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වය කෙරෙහි ඇත්තේ අඩු අවධානයකි.

    බොහෝ දූත මණ්ඩලවල, නිශ්චිත ආයෝජන ඉලක්කයක්, ආර්ථික ප්‍රතිඵල හා සම්බන්ධ කාර්ය සාධන ඇගයීමක් නෑ. ඒ නිසාම තානාපතිවරුන් සහ කාර්ය මණ්ඩලය රට තුළට / පිටතට යොමු කෙරෙන ආයෝජන හෝ වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් වග කියන්නෙත් නෑ.

    නමුත් මෙය වෙනස් විය යුතුයි. එම දූත මණ්ඩලවල ආර්ථික ඉලක්ක සහ අරමුණු පෙරමුණට පැමිණිය යුතුයි.

    එය සිදු කළ හැක්කේ පළමුව, පැහැදිලි ඉලක්ක සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) හරහායි. සෑම දූත මණ්ඩල ප්‍රධානියකුටම වාර්ෂික ඍජු විදේශ ආයෝජන (FDI) ඉලක්ක ලැබිය යුතුයි. එම ඉලක්ක මැනිය හැකි කාලය තුළ සාක්ෂාත් කරගත හැකි සහ ශ්‍රී ලංකාවේ ජාතික ආයෝජන උපාය මාර්ගයට අනුකූල ඒවා විය යුතුයි.

    දෙවනුව ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ කාර්ය පැවරී ඇති දූත මණ්ඩල සමඟ නිතිපතා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සඳහා, ආයෝජන මණ්ඩලයේ (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ආයෝජන වෘත්තිකයන් එම දූත මණ්ඩලවලට අනුයුක්ත කළ යුතුයි.

    තෙවනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, මහ භාණ්ඩාගාරය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආයෝජන මණ්ඩලය (BOI) විසින් ඒකාබද්ධව මුලසුන හොබවන ආයතනයකට දූත මණ්ඩල විසින් මාසිකව වාර්තා සැපයිය යුතුයි. ඔවුන්ගේ කාර්ය සාධනය සමාලෝචනය කළ යුතු අතර ප්‍රසිද්ධියේ මිනුම්කරණයට ලක් කළ යුතුයි.

    වගවීම ආරම්භ වන්නේ ප්‍රතිඵල මැන බලා සංසන්දනය කළ විටදීයි.

    අපගේ ව්‍යාපාරික ප්‍රජාවට විදේශයන්හි ව්‍යාප්ත වීමට සහ රටින් බැහැර ආයෝජන දිරිමත් කිරීමට දූත මණ්ඩල සහාය දිය යුත්තේ කෙසේද?

    වෙළෙඳපොළ තොරතුරු සැපයීම, මෙරට ආයෝජකයන් විදේශීය හවුල්කරුවන් සමඟ සම්බන්ධ කිරීම, නීතිමය සහ නියාමන ක්‍රියාපටිපාටි සඳහා සහාය වීම සහ විදේශයන්හි ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම ඔස්සේ, විදේශයන්හි ආයෝජනය කිරීමට අපගේ ව්‍යාපාරික ප්‍රජාවට සහාය වීම සඳහා ශ්‍රී ලාංකික දූත මණ්ඩල විසින් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි. විධිමත් බැංකු මාර්ග හරහා ලාභ නිසි ලෙස ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීමටද ඔවුන් දිරිගැන් විය හැකියි.

    දැනටමත් ශ්‍රී ලාංකික ආයෝජන කෙන්යාව, ටැන්සානියාව, උගන්ඩාව, ඉතියෝපියාව සහ මොසැම්බික් වැනි අප්‍රිකානු රටවල් කිහිපයක සිදු කරන ලද විදේශ ආයෝජන සාර්ථකව සිදුව තිබෙනවා. ශ්‍රී ලාංකික සමාගම් නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, තොරතුරු තාක්ෂණ, කෘෂිකර්ම, ඇඟලුම්, වෙළෙඳ සහ සේවා යන අංශවල ආයෝජනය කර තිබෙනවා. එය අපගේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ ජාතික ආර්ථිකයට සහාය වන තත්ත්වයක්.

    තානාපතිවරුන් හුදෙක් බදු ගෙවන්නන්ගේ මුදලින් පුටු රත් කරමින් සැඳෑ සාදවලට සහභාගි වන අයකු නොවිය යුතුයි.

    අපිට මතකයි පසුගිය ආණ්ඩුවක දේශපාලන බලපෑමෙන් පත් කරන ලද හිටපු නිලධාරියකු, තනතුර භාරගත් පසු කිසිම ලැජ්ජාවක් නැතිව තම කාර්ය මණ්ඩලයට කීවේ, එකල ජනාධිපතිවරයා ඔහුව පත් කළේ අවුරුදු දෙකක නිවාඩුවක් ගත කිරීමට පමණක් බවයි. ඒ වගේ තානාපතිලා රටට ලැජ්ජාවක්. පත් කළ පුද්ගලයාටත් අපකීර්තියක් ගෙන දුන්නා.

    නමුත් තානාපතිවරයකු රටේ ප්‍රධාන අලෙවි කළමනාකරු විය යුතුයි. ඔවුන්ගේ කාර්ය වන්නේ රට අලෙවි කිරීම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳපොළවල් විවෘත කිරීම සහ ස්පර්ශනීය ආර්ථික ප්‍රතිඵල නැවත මවුබිමට ගෙන ඒමයි.

    මෙම ආයෝජන මෙහෙයුමේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සහ උපායමාර්ගික හවුල්කරුවන් කෙතරම් වැදගත්ද?

    අතිශයින්ම වැදගත්. ඩයස්පෝරාව යනු පර්යේෂණවල මූලාශ්‍රයක් පමණක් වෙයි. ඔවුන් විශ්වාසයේ සහ සම්බන්ධතාවලද මූලාශ්‍රයක්. ඔවුන්ට අපගේ සන්නාම තානාපතිවරුන් විය හැකියි.

    අවසාන වශයෙන්, මෙතැන් සිට වසර පහකින් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය සම්බන්ධයෙන් ඔබගේ දැක්ම කුමක්ද?

    ඉතා පැහැදිලිව, මා ශ්‍රී ලංකාව දකින්නේ “සම්බන්ධ වූ සැණින් ක්‍රියාත්මක කළ හැකි ආයෝජන ගමනාන්තයක්” ලෙසයි. එහිදී ආයෝජකයකුට අදහසක් සමඟ පැමිණ දින 60ක් තුළ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් සමඟ පිටව යා හැකි රටක් බවට පත් කිරීම අරමුණු විය යුතුයි.

    මුලින් කීවාක් මෙන් ආයෝජන මණ්ඩලයෙන් (BOI) මෙහෙයවෙන ශක්තිමත් එක්-නැවතුම් මධ්‍යස්ථානයක්, ඩිජිටල් අනුමත කිරීම්, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සහ විනිවිදභාවයෙන් යුතු පාලනයක් මඟින් මෙම දැක්ම සැබෑවක් බවට පත් කළ හැකියි. එය සිදු වූ පසු, ප්‍රාග්ධනය ස්වාභාවිකවම ගලා ඒවි.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ආයෝජකයින් #විශ්වාසය #ශ්‍රීලංකා #විදේශආයෝජන #ඊළඟරැල්ල #මාවතසකස්කිරීම #කන්නන් #කනනාතන්

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.