Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට.
    උණුසුම් පුවත්

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 4, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.

    එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අගරදගුරු ගැලගර් හිමිපාණන් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, මෙරටෙහි වත්මන් තත්ත්වය සහ වත්මන් රජය යටතේ අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වෙත සිය ස්තූතියද පළ කළේය.

    අගරදගුරු හිමිපාණන්ගේ සංචාරය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවත්, එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව, රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදීද ඉතා වැදගත් වූ බවත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දුන් සහාය මෙන්ම, සුනාමි ව්‍යසනයෙන් පසු රට යළි යථා තත්වයට ගෙන ඒම සඳහා වතිකානුව ලබා දුන් සහායද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුගිය වසර 50 පුරා වතිකානුව දැක් වූ සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

    මෙහිදී ජනාධිපතිවරයා XIV වන ලියෝ පාප් වහන්සේගේද සුවදුක් විමසා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ ශක්තිය ප්‍රාර්ථනා කරමින් සිය සුබපැතුම් එක් කළේය.

    ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය තමා මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේද බොහෝ අගයන බව පැවසූ අගරදගුරු ගැලගර් හිමිපාණෝ, ඒ අනුව, XIV වන ලියෝ පාප් වහන්සේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලනු ඇති බවද වැඩිදුරටත් පැවසීය.

    වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි අගරදගුරු ගැලගර් හිමිපාණන් මෙරට සියලු ජන ප්‍රජාවන් අතර සාමය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිවර්ධනය කිරීම සඳහා දෙරටෙහි කැපවීම ශක්තිමත් කිරීමේ අරමුණෙන් නොවැම්බර් 8 වන ද‍ා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, එම කාලය තුළ මෙරට වැදගත් ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වීමට නියමිතය.

    1975 සැප්තැම්බර් 6 වන දින දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීම නිමිත්තෙන් ‘වතිකානුවේ ඉදිරි දර්ශනය, සංවාදය සහ සාමය සඳහා කැපවීම’ යන මාතෘකාව යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සහභාගි වනු ඇත.

    වතිකානුව රජය නියෝජනය කරමින් රොබර්ටෝ ලුකිනි සහ ටොමිස්ලව් සුබැත් යන පියතුමන්ලා මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද ඊට එක්ව සිටියහ.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකා #ආර්ථිකස්ථාවරත්වය #ජාතිකසමගිය #ජනාධිපති #වතිකානුව #දේශපාලන #සංවිධානසබඳතා #උත්සාහය #සමාජසමගිය #අනාගතය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.