සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර අතර හමුවක් ඊයේ (12) සිදුවුණා.
එම හමුව සිදු වූයේ ඊයේ පැවැති අවමගුල් උත්සවයක දී.
හිටපු පුවත්පත් කතුවරයකු වන අනුර සොලමන්ස් මහතාගේ අවසන් කටයුතු ඊයේ සවස සිදුකෙරුණේ බොරැල්ල කනත්තේ දී.
අනුර සොලමන්ස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ දින සුගීෂ්වර බණ්ඩාර පැමිණියා.
ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවත එළියට පැමිණෙන විට සුගීෂ්වර බණ්ඩාර දෙස බලමින් නලින්ද ජයතිස්ස “සුගීෂ්වර මොකද මේ අපිව දැකලා අහක බලාගෙන යන්නේ” යනුවෙන් පැවසුවා.
ඉන් අනතුරුව සුගීෂ්වර නලින් ද ඇමතිවරයා දෙසට හැරුනා.
“ඔයා මේ අපි නැති වෙලාවට අපේ කාර්යාලයට අපිව හොයන්න යන්නේ. ඒත් අපි ඉන්න වෙලාවට අපිව දැක්කේ නෑ වගේ අහක බලාගෙන යනවා. අපි එක්ක කතා කරලා යන්න” යනුවෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවා.
අපි ගියාට ඉතින් ඔයාගේ මහ ලේකම්තුමා හැංගෙනවනේ කියලා සුගීෂ්වර ඊට ප්‍රතිචාර දැක්වුවා .
අපි හැමවෙලේම කාර්යාලයයේ ඉන්නේ නෑ. අපි වැඩ ගොඩක ඉන්නේ යනුවෙන් නලින්ද ජයතිස්ස ඊට ප්‍රතිචාර දැක්වූවා.
අපි මහ ලේකම්තුමා හමුවෙන්න ගියාම හැංගෙනවනේ අපිට appointment එකක් දෙන්නේ නෑ . යනුවෙන් ද සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කළා.
නෑ අපි හැමවේලේම කාර්යාලයේ නෑ. ජනාධිපතිතුමත් එහෙමයි. අපි වැඩවලට එහෙ මෙහෙ යනවා හැමවෙලේම කාර්යාලවල නෑ.
කාර්යාලයේ ඉන්න දවස් තියනවා. ඒ දවසක එන්න අපි හමුවෙලා කතා කරමු. යනුවෙන් නලින් ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඉතා සුහදශීලීව එම කතාබහ අවසන් වුණා


