විදේශ කටයුතු‚ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදු කළ එජාප හිටපු මන්ත්රීිවරයෙකු කොටු කර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් සමත් වී තිබෙනවා.
ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත් රුැසක් ද නිළධාරීන් භාරයට ගැනීමටයි කටයුතු කෙරුණේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත්, ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය වී තිබෙනවා.
සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුවයි
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව රැඳී සිටිමින් ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි මහනුවර, යටිනුවර ප්රායදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වනවා.
මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කාර්ය මණ්ඩලයේ සේවය කර ඇති සැකකරු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින (2026.01.27) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්යාුජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදු කර ඇති අයෙකු බවත්, ඔහුට එරෙහිව මහනුවර උසාවියේ නඩු කිහිපයක් පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වුණා.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ මෙහි ඉදිරි විමර්ශනයන් සිදුකරන අතර, ඉහත වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාන භාර නිළධාරී, කළමනාකරු ආර්.ජී.පී.පී.ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.පී ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක යන නිළධාරීන් සහභාගී වී සිටිනවා.

