උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.

ඔහු සඳහන් කළේ අලුතින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල් ප්‍රධානය සිදු කරන බවයි.

මෙම පොල් ත්‍රිකෝණය තුළ පැළ ලක්ෂ 10ක් වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පොල්වගා #අක්කරයකටරුපියල්30000 #සහනාධාර #ජලපහසුකම් #පොල්ත‍්‍රිකෝණය #වගාකරුවන් #පොල්වැඩසටහන #උතුරුපොල් #සභාපති #වෛද්‍යසුනිමල්

Share.
Leave A Reply

Exit mobile version