ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ගීත රචක උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත ගීත ඇතුළත් “නිර්වාණ ” සංගීත ප්‍රසංගය 2026 පෙබරවාරි 14 වැනි දින සවස 6.30ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පෙබරවාරි 14 වැනි දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මෙම “නිර්වාණ ” ප්‍රසංගයේදී උපුල් ශාන්ත සන්නස්ගලගේ මතකයෙන් නොමැකෙන ආදර ගීත ගොන්නක්, ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ හඬින් සජීවීව රස විඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවනු ඇත.

1999 වසරේදී ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ‘ආදරණීය වස්සානය’ නමින් ආදර සැමරුම් ප්‍රසංගයක් පවත්වමින් ආදරයට නව අරුතක් එක් කළ උපුල් ශාන්ත සන්නස්ගල එවැනි දැවැන්ත ප්‍රසංගයක් සංවිධානය කරනු ලබන්නේ වසර 27කට පසුව වීම විශේෂත්වයකි.

මරියසෙල් ගුණතිලක,භාතිය සහ සන්තුෂ්,උමාරියා සිංහවංශ,සංඛ දිනෙත්, ඉන්දිකා උපමාලි, කාංචනා අනුරාධි, සුරේන්ද්‍ර පෙරේරා , අමිල පෙරේරා,උපේඛා නිර්මාණි, රවීන් කණිෂ්ක,සජිත ඇන්තනි,ලවන් අභිෂේක්,සේනාංග දිසානායක, මනෝජ් සංජීව සහ මලික් පෙරේරාගේ හඬින් “නිර්වාණ” ප්‍රසංගය රසවත්වේ.

සංගීතය මෙහෙයවනු ලබන්නේ මහේෂ් දෙනිපිටිය සහ එෂාන් දෙනිපිටිය විසිනි.
“නිර්වාණ ” ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර www.ticketcounter.lk වෙබ් අඩවිය හරහා මිලදී ගත හැකිය.

Share.
Leave A Reply

Exit mobile version