අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නානුඹය ප්‍රදේශයේදීයි.
ගුරුවරයාගෙන් පහර කෑ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අදාල ගුරුවරයා තමන්ට දිගටම පහර දුන් බවත්, හිස මේසයට තියා තද කර පිටට ද පහර දුන් බව එම දියණිය සඳහන් කරන අතර වේදනාව දරාගත නොහැකි තැන තමන්ට මුත්‍රාපිටවූ බවද දියණිය සඳහන් කරනවා.

