කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වී තිබෙනවා.
ලබාගත් වන්දි මුදල්වලින් කොටසක් තානාපති කාර්යාලය හරහා අදාල පුද්ගලයින්ගේ පවුල් වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
ඉතිරි මුදල් මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සඳහන්.
පසුගිය වසරේ රුපියල් මිලියන 172කට අධික වන්දි මුදලක් ශ්‍රී ලාංකික පවුල් වෙත ලබා දීමටයි තානාපති කාර්යාලය කටයුතු කර ඇත්තේ.

