කටුගස්තොට, ගොහාගොඩ ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබාසිටි පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මොහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අංශයේ වැඩ අධීක්ෂකවරයෙකු ලෙස සේවය කරනවා.
ඊයේ දහවල් නිවසින් ගොස් ඇති මෙම පුද්ගලයා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් සොයාබැලීමක් සිදුකර තිබෙනවා.
එම අවස්ථාවේදිීයි වෙඩි වැදුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිටි මොහු හමුවී ඇත්තේ.

