ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන ‘රාජු’ නමැත්තා මෙරටට ගෙන එනු ලැබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වන සනත් ද සිල්වා හෙවත් රාජු නමැත්තා පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සමයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ, කරන්දෙණිය සුද්දා මෙරටදී සිදුකළ සියලුම මනුෂ්‍ය ඝාතන මෙන්ම එම අපරාධ සැලසුම් කිරීම සහ අවි ආයුධ ප්‍රවාහනය සිදුකර ඇත්තේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණ වීමත් සමගයි.

කලක් ඩුබායි හි සැඟව සිටි ඔහු ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබූ පසුබිමක ජාත්‍යන්තර පොලිසියේ ද සහය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා.

Share.
Leave A Reply

Exit mobile version