ඉදිරියේදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මූල්‍යමය කොන්ත්‍රාත් ලබා දීමේදී ජයග්‍රහණවලදී වැඩි ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සකසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළා.

ඊයේ ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ තරග පරාජය වීමේදී ක්‍රීඩකයින්ගේ ප්‍රතිලාභය අඩුවනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ කොදෙව් සංචාරයට පෙර නව ගිවිසුම්වලට එළැඹෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version