Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කාඩ් වැඩේ හරියන් නෑ, ගැමුණු කියයි.
    උණුසුම් පුවත්

    කාඩ් වැඩේ හරියන් නෑ, ගැමුණු කියයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 25, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මගී ප්‍රවාහන බස් රථ සඳහා හඳුන්වා දුන් බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටී. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි.

    මෙම ක්‍රමවේදය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ඊට අදාළ නීති රෙගුලාසි සම්පාදනය කළ යුතු බවත්, කොන්දොස්තරවරයා මෙම ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    එසේ නොමැතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අසාර්ථක නියමු ව්‍යාපෘති මෙන් තවත් එක් ප්‍රෝඩාවක් පමණක් බවට පත්වනු ඇති බවත්, රටට විහිළු සපයන වැඩසටහන් භාගෙට සිදු නොකරන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    බස් රථ තුළ මගීන්ට ඉතිරි මුදල් ලබා නොදීම සහ ප්‍රවේශපත්‍ර ආශ්‍රිතව සිදුවන වංචා දූෂණ වැළැක්වීම අරමුණු කරගනිමින් රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන් පසුගිය දා ආරම්භ කෙරුණි.

    කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා කියා සිටියේ දිනපතා බස් හිමියන්ට අහිමි වන විශාල මුදලක් මෙම කාඩ්පත් ක්‍රමය හරහා බස් හිමියාට සුරක්ෂිත කර ගත හැකි බවයි. නමුත් මෙම ගෙවීම් සඳහා බැංකු විසින් අය කරනු ලබන සේවා ගාස්තු ප්‍රතිශතය ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු සිය නොසතුට පළ කර සිටියේය.

    ප්‍රවාහන අමාත්‍යාංශය සහ රජයේ පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවලදී අදාළ බැංකු කොමිස් මුදල 1% කට වඩා අඩු අගයක් විය යුතු බවට එකඟ වී තිබුණද, මේ වන විට එම ගාස්තුව 1.3% සහ 1.8% අතර පරාසයක අය කිරීමට යන බවට තොරතුරු ලැබී ඇති බව රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මගීප්‍රවාහන #බස්රථ #බැංකුකාඩ්පත් #ගාස්තුගෙවීම #සංගමය #විරෝධය #ඩිජිටල්කරණ #ප්‍රවාහනඅමාත්‍ය #සමාජීයඅර්ථසාධක #ශ්‍රීලංකා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.