ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුවිය.

ඒ ඊයේ (12) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම කියුබාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ගොඩනැගීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී කියුබාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙනුත් මෙහිදී තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා සිය විශේෂ ස්තුතිය පළ කරන ලදී.

වත්මන් කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා මෙරට සේවය අවසන් කර යළි කියුබාව බලා යාම පිළිබඳව සිය සුභාශිංසන එක් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමටද සුබ පැතුම්ද එක් කළේය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ නීතිඥ මධූ කල්පනා ද සහභාගී වී සිටියහ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකාව #කියුබා #තානාපති #ජනතාවිමුක්තිපෙරමුණ #දේශපාලන #මිත්‍රත්වය #සංවාදය #අන්තර්ජාතිකසම්බන්ධතා #තරුණකටයුතු #සාර්ථකත්වය

Share.
Leave A Reply

Exit mobile version