විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් හා පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් එකාබද්ධව ඊයේ (19) දින සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අක්කර 07 ¾ක පමණ භුමි ප්‍රමාණයක හා වගා කර තිබූ ගංජා ගස් 92,000 ක් සහිත වගාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා .
මෙම ගංජා හේන පානම පොලිස් වසමේ කුඹුක්කන් රක්ෂිතයේ විහාරගල ප්‍රදේශයේ තිබූ බවයි සඳහන් වන්නේ .
මෙම හේන වැටලීමේදී කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ .
පොලිස් භාරයට ගත් ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කර තිබෙනවා .
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පානම පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා

